ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළෙ අධිවේගී මාර්ග සේවකයන් අධිවේගී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට තිබූ යන්ත්‍ර සූත්‍ර සියල්ල ගලවා ගෙන ගොස් ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉන් රජයේ ආදායම හිතාමතා අහිමි කිරීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අධිවේගී මාර්ගවල සේවකයන් ආරම්භ කර ඇති වර්ජනය සමඟ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවලට සහාය ලබාදිය යුතු බවද අමාත්‍යවරයා කීවේය.

මේ වන විට සිදුව ඇත්තේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොවන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *