සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස සමග සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළේය. මෙම පෙත්සම අද ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූහ. එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි සමගි ජන බලවේගයේ සභාපති සජිත් පේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගය විනය කමිටුවේ සාමාජිකයන් නම් කර නොමැති බව පෙන්වා දුන්නේය