එළඹෙන උත්සව සමයට අවශ්‍ය සහල් සැපයීම සදහා සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. මහා පරිමාණ මෝල් හිමියන් විසින් වෙළදපොලට කීරි සම්බා සහල් නිකුත් නොකර සගවා ගැනීම හේතුවෙන් වෙළඳපොල තුළ මේ වනවිට කීරි සම්බා හිගයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව උත්සව සමය තුළ එම හිඟය මඟහරවා ගැනීමට සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබද අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් වර්ගයක් මෙලෙස ආනයනය කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *