ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක් අතරතුර හටගත් තෙරපීමකින් ශිෂ්‍යයන් සිව් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 60 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙහිදී මියගොස් ඇත්තේ ශිෂ්‍යයන් දෙදෙනෙකු සහ ශිෂ්‍යාවන් දෙදෙනෙකි.

එළිමහන් ශ්‍රවණාගාරය ක මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබේ. ප්‍රසංගය ආරම්භ වීමට පෙර මෙම තෙරපීම හටගෙන ඇතැයි වාර්තා වේ.

සංවිධායකයන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂාකර නරඹන්නන් ශ්‍රවණාගාරය වෙත ඇතුළු කරමින් සිටියදී හදිසියේ හටගත් වර්ෂාව නිසා විශාල පිරිසක් එකවර ශ්‍රවණාගාරයට ඇතුල්වීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තෙරපීම හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *