ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාමය යටතේ හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් පිරිසක් මුදාහැර තිබේ.

එසේ මුදාහල පිරිස් අතර ඊශ්‍රායල ජාතිකයන් දහතුන් දෙනෙකු සහ තායිලන්ත ජාතිකයන් සිව් දෙනෙකු අයර්ලන්ත ජාතිකයන් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

හමාස් සංවිධානය ප්‍රාණඇපකරුවන් පිරිස රතුකුරුස සංවිධානය වෙත භාර දීමෙන් අනතුරුව ඔවුන් විසින් අදාළ පිරිස ඊශ්‍රායලය වෙත භාර දී ඇත.

ඊශ්‍රායල් සිය භාරයේ සිටින පලස්තීන ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් 24 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය ආරම්භ විය. එය දින 4ක කාලයක් සදහා ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකග වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *