දරුණු ගණයේ අපරාධ කරුවෙකු වන පොඩි ලැසී ඇතුල් අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සීසීටීවී කැමරා 23 කට අලාභ හානි කළ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මංකොල්ලකෑම් සහ කප්පම් චෝදනා යටතේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට බස්ස බන්ධනාගාරයට මාරු කර යවා තිබූ ඔහු විසින් එසේ කැමරා පද්ධතියට හානි කර ඇති අතර එම හානි කිරීම වැළැක්වීමට පියවර නොගත් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයේදී අවධානය යොමු කර ඇත.

මින් පෙරද මෙම රැදවිය කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් විවිධ බන්ධනාගාරවල රඳවා සිට ඇත. එම පුද්ගලයාට විරුද්දව රජයේ දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බවද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *