මේ වන විට දේශීය වෙළඳපොලෙන් ආහාර සදහා මිලදී ගන්නා එළවළු පලතුරු මෙන්ම සහල් හා මාළු, මස් බොහොමයක් කල්තබා ගැනීම සදහා යොදන වස විස අඩංගු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් රෝගකාරක බවට පත්ව ඇතැයි වෛද්‍යවරු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මෙම තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් පළවෙනි ස්ථානයට පත්ව ඇති බවත් කල් තබා ගැනීමට හා අඹ ඉදවීමට පවා සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා බවත් හෙළි වී ඇති බව ඔවුහු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඩබ්ලිව් ඩී රොෂාන් කුමාර මහතා පෙන්වා දෙන්නේ මෙරට වෙලදසැල් වලින් අලෙවි කෙරෙන චිකන් බිරියානි වර්ග හා ෆ්‍රයිඩ් රයිස් කහ පැහැ ගැන්වීම සදහා අධිමාත්‍රයෙන් භාවිතා කරන කහ පැහැති වර්ණකයක් හේතුවෙන් සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. කහ වෙනුවට යොදා ගන්නා මෙම කහ වර්ණකය හේතුවෙන් නියම කර ඇති මාත්‍රයට වඩා වැඩි මාත්‍රයක් බුරියානි තැනීම සදහා යොදා ගන්නා බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් රෝගාතුර වීමේ අවදානමක් ඇති බවත් මෙම වර්ණක සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවය පවතින බවත් ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *