මෙරටට පැමිණ සිට සෞදි අරාබි රාජ්‍ය ආර්ථික සහ සැලසුම් අමාත්‍ය සහ ලෙය ෆයිසර් අලිබ්‍රහීම් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ. ජනාධිපති කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එහිදී ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. විශේෂයෙන් ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින සබඳතා වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *