එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අන්තර්ජාතික දේශගුණික විපර්යාස සමුළුව ඛණිජතෙල් විකුණා ගැනීමේ සාකච්ඡා මණ්ඩපයක් බවට පත්කර ගැනීමට සැලසුම් කරනු ලැබ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.

දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වන රටවල් 15ක් සමග තෙල් කිරීමේ ගනුදෙනු කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යය සැලසුම් සහිත ලිපිගොනු එක්සත් ජාතීන්ගේ සංවිධානය සොයාගෙන ඇති බව බීබීසී වාර්තා කරයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය එම චෝදනා ප්‍රතික්ෂේප නොකරන අතර රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණීමට නියමිත සමුළුව ව්‍යාපාර කතාවන් වෙනුවෙන් යොදවා ගන්නා බව ඔවුහු පවසති.

පෞද්ගලික ගනුදෙනු පෞද්ගලික මට්ටමෙන් කරන බවද ඔවුහු අවධාරණය කරති.

cop 28 සමුළුව පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට සහ ගෝලීය දේශගුණික විපර්යාස පාලනයට විසඳුම් සෙවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලැබීය.

එක්සත් ජාතීන්ට අයත් රටවල් 197 ක සහභාගිත්වයෙන් එළඹෙන තිස් වැනිදා අන්තර්ජාතික සමුළුව ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *