ලෝක වෙළඳපොලේ රන් මිල ඇමරිකානු ඩොලර් 2000යි සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ දින ඇමරිකානු ඩොලර් 2015.09ක් ලෙස සටහන් වූ අතර එය ඇමරිකානු ඩොලර් සියයට 11 ක පමණ වැඩි වීමක් වේ.

එය පසුගිය මාස හයක කාලයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 60 ක පමණ වැඩිවීමක් වන අතර ඒ අනුව එය වසරක් තුළ ඇමෙරිකානු ඩොලර් 261 නැත්නම් සියයට 15 ක පමණ වැඩිවීමක් වනු ඇත.

ඇමරිකානු ඩොලරය දුර්වල වීම, ඇමරිකාව මධ්‍යම සංචිතය නැත්නම් ඇමරිකා මහ බැංකුව පොලී අනුපාත සම්බන්ධයෙන් පරීක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීම එයට හේතු වී තිබේ. රන් මිලට අමතරව රිදී ප්ලැටිනම් ඇතුළු වටිනාකමින් ඉතා ඉහළ ලෝහ වල මිල ගණන් ද ලෝක වෙළදපොලේ ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *