අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ක්‍රේග් බාර්ක්ලේ ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඔහු හමුවීමට කතානායකවරයා අවස්ථාව සලසා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සම්මත කළ යෝජනාව ක්‍රියාත්මක කරගන්නට බැරි තත්ත්වයක් ඇති වී ඇති අතර ඒ පිළිබඳ අයිසීසී සභාපතිවරයා දැනුවත් කිරීමට තමාට අවස්ථාව හිමි වේ දැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා පාර්ලිමේන්තුව තුළ විශේෂ රැස්වීමක් කැදවා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ සභාපති සමග සාකච්ඡාවක් සූදානම් කළ යුතු යැයි ද සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ සඳහා සම්බන්ධ කරගතයුතු යැයිද විපක්ෂ නායක වරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,”අපිට ආරංචියි අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලංකාවට එනවා කියලා. ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා ඔහුට ඉදිරිපත් කරන්නට අපිට අපිට අවස්ථාව ලබා දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රට අපකීර්තියට පත් වන එක නවතා ගත යුතුයි. එම නිසා අයිසීසී සභාපතිව පාර්ලිමේන්තුවට කැඳවන්න කියලා මම කතානායකවරයාගෙන් ඉල්ලනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *