වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත් කර ඇති බව වාර්තා වේ.

මෙතෙක් පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී වික්‍රමරත්න මහතා ඉකුත් 22 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ට දැනුම් දී ඇති බවට වන පොලිස් ආරංචිමාර්ග ඔස්සේ වාර්ථා වී තිබිණි.

ඒ සිව් වන වරට ත් ඔහුට ලබාදුන් සේවා දිගු අවසන් වීම සැලකිල්ලට ගනිමිනි.

සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වැනිදාය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මාස තුනක සේවා දිගුවක් ලබා දුන් අතර එම කාලය අවසන් වීමෙන් පසු ජූලි මස නම වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස තුනක සේවා දිගුවක් ඔහුට හිමිවිය.

දෙවනවරට තවත් සති තුනක සේවා දිගුවක් පසුගිය ඔක්තෝබර් 13 වැනිදා සී.ඩී වික්‍රමරත්න මහතාට ලබාදුන් අතර සිව්වන වරට ලබා දුන් සේවා දිගුව නොවැම්බර් මස තුන්වෙනිදා සිට 24 වැනිදා දක්වා ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් සී.ඩි වික්‍රමරත්න මහතාට මෙලෙස සේවා දිගු හිමිව තිබුණේ ඔහුගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුකුම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *