කුවේට් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් තිස් පස් දෙනකු මෙරටට පිටුවහල් කර තිබේ.

ඒ අනුව කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් වීසා නොමැතිව රැදී සිටි සේවිකාවන් තිස් තුන් දෙනෙකු සහ ගෘහ සේවකයන් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදාළ පිරිස යළි මෙරටට යොමු කර ඇති බව සදහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *