crickinfo වෙබ් අඩවිය පවසයි

රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී ඇති ජාත්‍යන්තර කවුන්සිලයේ තහනම ඉවත් කරලීම උදෙසා සුභදායී බලපෑමක් ඇති කළ හැකි බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ සදහන් කරයි.

ක්‍රිකට් පරිපාලනය සදහා තවදුරටත් දේශපාලන බලපෑම් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් ද කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉවත් කළ අතුරු කමිටුවක් පත් පත් කිරීමට කටයුතු කළ ඇමති රණසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කිරීම රජය ක්‍රිකට් පරිපාලනය සදහා තවදුරටත් මැදිහත් නොවීමේ සලකුණක් වනු ඇති බවද ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *