ප්‍රභාකරන්ගේ මියගිය දියණියගේ යයි කියවෙන කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ වීඩියෝවක් ටැමිල්ඔයි නම් වෙබ් අඩවිය ඔස්සේ පසුගිය සදුදා විකාශය කර ඇත.
පොළොවෙහි දියණිය එනම් ද්වාරකාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස මෙය නම් කර තිබේ. දෙමළ භාෂාවෙන් කතා කළ ඇය විනාඩි 12 ක් තිස්සේ සිය දේශනය පැවැත් වූවා ය.
දෙමළ ජනතාවගේ සන්නද්ධ අරගලේ නිමා වී ඇතත් දේශපාලනය අරගළේ නිමා වී නැති බවද ශ්‍රී ලංකා හමුදාවට කොටි සංවිධානය පරාජය කිරීම සදහා බලවත් රාජ්‍යයන්ගේ සහය ලැබුණු බවද ඇය කියා ඇත.
ශ්‍රී ලංකාවේ සියලුම දෙමළ පක්ෂ දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බවද ඇය අවධාරණය කරයි. ශ්‍රී ලංකා දෙමළ ජනතාවගේ අභිලාෂයන් දිනාගැනීම සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බවත් මේ වීඩියෝවේ පෙනී සිටින කාන්තාව කියයි.