කලහකාරි ලෙස හැසිරුණු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවන් කඩු හතරක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැලියගොඩ පොලිස් වසමේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරු මත වැටලීම සිදු කර තිබේ. එහිදී කලහකාරී ලෙස හැසිරුණු සැකකරුවන් 8 දෙනෙකු හා සැකකරුවන් තිදෙනෙකු කඩු හතරක් සමග පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු විසිතුනක් 35 ත් අතර වයස්වල පසුවන අතර සැකකාරියන් 26,46 හා 47 වයස්වල පසුවන කැලණි ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *