රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ අසල මාර්ගයේ යතුරුපැදියක සිට පිළිකා රෝගීන්ට දෙන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා එන්නත් හා ඖෂධ වර්ග දහසයක් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය ට ලැබුණු තොරතුරකට අනුවය.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීමකදී 24 හැවරිදි ඔහු පවසා ඇත්තේ සිසිල රැදෙන පෙට්ටියක එන්නත් හා ඖෂධ තමා අලෙවි කළේ අලෙවි නියෝජිතයෙකු තමන් වෙත යොමු කරන රෝගීන්ට බවය.

එමෙන්ම අදාළ ඖෂධ තමා වෙත අලෙවි කිරීම සදහා ලබා දුන්නේ ද එම අලෙවි නියෝජිතයා බව සැකකරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ප්‍රකාශ කළේය.

මහමගදී අලෙවි කළ පිළිකා ඖෂධ මෙරට ලියාපදිංචි කර ඇති ද යන්න සොයා බැලීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීමට නියමිතය.

අද බැදුම්කර ඇප මත මුදා හැරි ඇති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *