ලියාපදිංචි නොවූ රියදුරු උපදේශන ආයතන 1500 පමණ රට පුරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පාර්ලිමේන්තුවේ දී ඊයේ ප්‍රකාශ කළේය.

රට තුළ රිය උපදේශකයන්ගේ පුරප්පාඩු රැසක් පවතින බවට වාර්තා වී ඇතැයි අබයසිංහ මන්ත්‍රීවරයා කීය.

රට තුළ මෝටර් රථ පරීක්ෂකවරු එකසිය හතළිස් අටක් සිටිය යුතු නමුත් මේ වන විට සිටින්නේ පරීක්ෂකවරුන් එකසිය හතක් පමණක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

දිනකට පනස්දාහක් පමණ රියදුරු බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් පැමිණෙන අතර මෙම පුරප්පාඩුව නිසා රියැදුරු බලපත් ලබාදීම ක්‍රමවත් ලෙස සිදුකිරීමට නොහැකි යැයි ද මන්ත්‍රීවරයා කීය.

රටේ රිය අනතුරු බහුල වී ඇත්තේ මෙවැනි ආකාරයේ අඩුපාඩුකම් නිසා යැයිද එම නිසා මෙම කටයුතු පිළිබද රජය අවධානය යොමු කළ යුතු යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *