බ්‍රිතාගේ අගමැති රිශී සුනාක්ගේ නන්දනීය වන සුදා මූර්ති ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට නිර්දේශ වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරු තෝරා පත් කරනු ලබන්නේ ජනතා ඡන්දයෙන් වුව ද 73 හැවිරිදි සුදා මූහුතිට එහි අසුනක් හිමිවී ඇත්තේ එරට ජනාධිපති නිර්දේශ මත දොළොස් දෙනෙකු තෝරාගැනීමේ සම්ප්‍රදායට අනුවය. වසර හයක කාල සීමාවකට තෝරාගෙනය ඇති සුනාක්ගේ නැන්දණියට අමතකව දමිල සිනමාවේ ප්‍රකට සංගීතඥ ඉලෙයිරාජා සහ එරට මළල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තරය දික්විජය කළ පි.ටි ඌෂාද සිටිති.

සිය සමාජ සේවය උදෙසා පසුගිය වසරේදී ඉන්දියාවේ ඉහලතම තුන්වැනි පුරවැසියාට පිරිනැමෙන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ සූදා මූර්ති 2006 වසරේදී පද්ම ශ්‍රී සම්මානයටද පාත්‍ර වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *