එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගංවතුරෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩුබායි ඇතුළු මැද පෙර දිගට වාර්ෂාව සහ ගංවතුර ඉතා දුර්ලභ සිදුවීමක් බැවින් ඩුබායි ගංවතුරට ජාත්‍යන්තර අවධානය යොමු වී ඇතැයි ද වාර්තාවේ. එම ගංවතුර තත්ත්වය හටගෙන ඇත්තේ පසුගිය සති අන්තයේදී එමිරේට්ස් රාජ්‍යයේ ප්‍රාන්ත කිහිපයකට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බවත් ඩුබායි නුවර වැසියන්ට නිවාස වලින් පිටතට නොයන ලෙසට උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තාවේ.

පසුගිය සෙනසුරාදා අඛන්ඩව පැය හයක කාලයක් වර්ෂාව ඇදහැලීමෙන් ඩුබායි නුවර නිවාස ගොඩනැගිලි සහ මහා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ද මෝටර් රථ විශාල ප්‍රමාණයක්ද ගංවතුරට හසුවී ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *