ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ග්‍රන්ථයේ පළමු මුද්‍රණය දින තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම අලෙවි වී තිබේ.
විශ්ව විද්‍යාල ආචාර්යවරු, දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් පොත් සල් වලින් මෙම ග්‍රන්ථය මිලදී ගෙන ඇති බවත් එයින් වැඩි පිරිසක් දේශපාලනඥයන් බව විජිත යාපා ප්‍රකාශන ආයතනයේ සභාපති විජිත යාපා මහතා පවසයි.
මෙම පොත මිලදී ගැනීමට රට පුරා පොත්හල්වලින් විශාල වශයෙන් ඇනවුම් ලැබී ඇති බවත් එම ග්‍රන්ථය මුද්‍රණය කෙරුණු පසු තවත් තොගයක් බෙදා හැරීම සඳහා රැගෙන එන බවද ඒ මහතා සඳහන් කරයි. එම ග්‍රන්ථය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබා ගැනීමට හැකිවන පරිදි මුද්‍රණය කර තිබේ.