ජනාධිපතිවරණයේ ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුබවාදී තීරණයකට එළැඹෙනු ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම තීරණය ගැනීම සඳහා පක්ෂ දේශපාලන මණ්ඩලය ඉදිරි දෙසතිය තුළ රැස්වීමට නියමිතය. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙනවාද සන්ධාන ගත වෙනවාද නැතහොත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද යන්න මෙහිදී සාකච්ඡා කර තීරණයකට එළැඹීමට නියමිතව ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. පක්ෂය තුළ පෞද්ගලික මත තිබිය හැකි වුවත් ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් නම් කෙරුණු ඇතැයිද හෙතෙම කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *