ආණ්ඩුව මැතිවරණ කල් දැමුවහොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ දේශපාලන කණ්ඩායම් කිහිපයක් පසුගිය සතියේදී සාකච්ඡා කර ඇත.
ඒ අනුව ඊට එරෙහිව ව්‍යවස්ථානුකූලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත යුතු බවට මහාචාර්ය ජී එල් පීරිස් ප්‍රමුඛ මන්ත්‍රී පිරිස මෙසේ සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.
ජූලි පහළොස්වැනිදැයින් පසු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය නීතියෙන් හිමිවන බවද ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් මැයි 13 වෙනිදයින් පසු ආරම්භ වන සතිය තුළ වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවසා ඇත.
මෙම තත්ත්වයට ආණ්ඩුව අනුගත නොවුනහොත් අධිකරණ ක්‍රියාමාර්ගයකට යාමට කටයුතු කළ යුතු බවද මෙහිදී තීරණය වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මීට සහභාගී වී ඇත.