තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු හා එංගලන්ත අවුරුදු දහනමෙන් පහළ කාන්තා කණ්ඩායම් මාර්තු අග සහ අප්‍රේල් යන මාස වලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ අනුව මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියට T20 තරග හයක් හා එක් දින තරග තුනක් ඇතුළත්ව ඇති අතර T20 තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීත් එක්දින තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර පිටියේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

මෙහිදී t20 තරගාවලියේදී කණ්ඩායම් තුනම තරග හතරකට ක්‍රීඩා කරන අතර එක්දින තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තරග දෙකකට එක්වීමට නියමිතව තිබීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *