හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් මෑතකදී සිය මාරලාගෝ මන්දිරයේ ලොව දෙවැනි ධනවතා වන ඉලෝන් මස්ක් හමු විය. මස්ක් ජනාධිපතිවරණයේදී තමාට සහාය දෙන බව ස්ථිරවම කිව නොහැකි බව මාධ්‍ය සාකච්ඡාවකදී ට්‍රම්ප් පවසා සිටියේය.
දෙදෙනා කලක සිට මිතුරන් වුවද විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් දෙදෙනාගේ අදහස් පරස්පර වීම මීට ප්‍රධාන හේතුව බව පැවසේ.
විදුලි මෝටර් රථවලට තමන්ද කැමති නමුත් විදුලි මෝටර් රථ පමණක්ම භාවිතා කළ යුතු තැන තමන් නැති බව හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේය.
මස්ක් බයිඩන්ගේ සංක්‍රමණික නීතිය තදින් විවේචනය කරන්නෙකි. ඉලෝන් සිය සමාජ වෙබ් අඩවියේ තමන් ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාටම සහාය නොදෙන බව පැහැදිලිවම සඳහන් කර තිබුණි.