ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල පහල දැමීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කිරිපිටි සමාගම්වලට උපදෙස් දී තිබේ.
ලබන සිකුරාදා සිට කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
පාරිභෝගිකයන්ට සහනදීම වෙනුවෙන් තමන් කිරිපිටි සමාගම් සමග කළ සාකච්ඡා වලදී කිරීපිටි මිල පහල දැමීමට ඔවුන් සමග එකඟ වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.