ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නොගොස් මෙරට ආර්ථික ප්‍රශ්නය විසඳා ගැනීමට වෙනත් විකල්පයක් නැති බව ඉලංගයේ තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමංතිරන් මහතා, ” අයි.එම්.එෆ් එකට යන්නේ නැතුව රටේ තිබෙන තත්ත්වය බේරුම් කර ගැනීමට වෙන ක්‍රමයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තමයි මේකෙන් අපට බේරෙන්න ඕනේ. අපට ඒ සාකච්ඡා වලදී පුළුවන්කම ලැබුණා හොඳ සාකච්ඡාමය තීරණයකට ගිහිල්ල රටේ ඉන්න දුප්පත් මිනිස්සුන් ආරක්ෂා වන පරිදි අපට ඒක කරන්න” යනුවෙන් හෙතෙම පැවසීය.