ග්‍රාම නිලධාරී බදවා ගැනීමේ තරග විභාගයෙන් සමත්ව සම්මුඛ පරීක්‍ෂණය සඳහා සුදුසුකම් ලබා ඇති සියලුම අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණ අද හෙට සහ අනිද්දා දිනයන්හි පැවැත්වෙයි.
ඒ සඳහා කැදවීම් ලිපි මේ වන විටත් යොමු කර ඇති අතර අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් යම් අයෙකුට මේ වන තෙක් අදාල කැදවීම් ලිපිය ලැබී නැතිනම් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දින හා වේලාව පිළිබඳව අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හරහා දැන ගැනීමට හැකියාව ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. මීට අමතරව එම සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන ආ යුතු ලේඛන පිළිබඳව එම වෙබ් අඩවිය මගින් තොරතුරු ලබා ගත හැකි බව අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය. සම්මුඛ පරීක්‍ෂණ සඳහා සුදුසුකම් ලත් 4232 ක් අතරින් ග්‍රාම නිලධාරීන් පුරප්පාඩු 2002ක් තෝරා ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *