රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

රුසියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව ඇගැයීමට ලක් කරමින් පුටින් මේ අනතුරු ඇඟවීම සිදුකර ඇතැයි මොස්කවු ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

මොහු මේ අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ රුසියාවේ මැතිවරණයට දින කිහිපයක් තිබියදී වන අතර ඉදිරි වසක හයකට නැවත ජනාධිපති ධුරයේ රැඳී සිටීම ඔහුගේ අරමුණ වී ඇතැයි ද මොස්කව් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. රුසියාවෙන් න්‍යෂ්ටික තාක්ෂණය ඇමෙරිකාවේ න්‍යෂ්ඨික තාක්ෂණයට වඩා උසස් මට්ටමක පවතින බව සඳහන් කර ඇති පුටින් රුසියාවේ ස්වාධීනත්වය සම්බන්ධ අර්බුදයකදී න්‍යෂ්ටික අවී ඇතුළු ඕනෑම ආයුධයක් භාවිතා කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *