චීන හමුදාව විසින් ශ්‍රී ලංකාවේ හමුදාවට සැපයූ පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ රොබෝ යන්ත්‍ර ඇතුළු විශේෂ උපකරණ තොගයක් බාරදීම ඊයේ සිදුවිය.

චීනයේ චීන තානාපති මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී වූ උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත මෙම ආරක්ෂක උපකරණ පරිත්‍යාග කෙරිණි.

මෙහිදී පුපුරන ද්‍රව්‍ය හඳුනා ගනිමින් ඒවා විනාශ කිරීමේ හැකියාව ඇති රොබෝ යන්ත්‍ර 18ක්, යම්කිසි පුපුරන ද්‍රව්‍යයක් යම්කිසි ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යාමේ විශේෂ හැකියාවක් ඇති රථ දහඅටක්, පුපුරන ද්‍රව්‍ය වලින් ආරක්ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති කබා දහයක්, පුපුරන ද්‍රවය වලින් ආරක්ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති මධ්‍යම ප්‍රමාණ රථ දහයක් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ තොගයක් මෙහිදී යුද්ධ හමුදාපති වෙත පිරිනමනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *