ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක හමුදා කඳුවුරු පිහිටුවීම සඳහා චීනය ගවේෂණයක යෙදෙන බව ඇමරිකානු නවතම බුද්ධි වාර්තාවක සඳහන් වෙයි.

අප්‍රිකාවේ ජීබුට් රාජ්‍යයේ සිය හමුදා කඳුවුරු සහ කාම්බෝජයේ නාවික කඳවුරේ හමුදා පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඔබ්බට ගොස් මියන්මාරය කියුබාව ගිනියාව පකිස්ථානය සීයේල්ස් යන රටවලද හමුදා කඳවුරකු පිහිටවීමේ හැකියාව චීනය නිර්මාණය කරමින් සිටින බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරයි.

චීනය ඉරානය සහ රුසියාව වත්මන් රාජ්‍ය නීති පද්ධතියට අභියෝග කිරීමට සූදානම් බව එම වාර්තාවේ සඳහන් වෙයි.

ඇමරිකානු ආරක්ෂක බුද්ධි ප්‍රජාව විසින් නිකුත් කරන 2024 වාර්ෂික තර්ජන තක්සේරුව වාර්තාවේ මෙම කරුණු සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *