ගාසා තීරයේ ආධාර වලින් පිරවීමට උත්සාහ දරමින් සිටින බව ඊශ්‍රාල හමුදාව විසින් නිවේදනය කර තිබේ. මානුෂීය ආධාර හිගවීමත් සමගම ගාසා තීරයේ වැසියන් මුහුණපා සිටින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලය වෙත ජාත්‍යන්තර මට්ටමින් එල්ල වෙමින් පවතින පීඩනය මධ්‍යයේ ඊශ්‍රායල හමුදාව විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

උතුරු ගාසා තීරය දක්වා අලුතින් ගොඩබිම් මාර්ගයක් විවෘත කිරීමෙන් පසු ගාසා ආධාර රැගෙන පැමිණෙන රථ වැඩි සංඛ්‍යාවකට ආධාර දීම සඳහා සහය වීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායල් හමුදාවේ රියඅද්මිරාල් ඩැනියෙල් ගහරි පවසා තිබේ. ඉකුත් ඔක්තෝබර් මාසයේ ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදාව හා හමාස් සංවිධානය අතර සටන් ඇවිළීමෙන් පසු ඊශ්‍රායල් හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරය දැඩි සාගතයකට මුහුණ පෑමේ අවධානමක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *