ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මෙතෙක් කැමැත්ත ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සන්ධානය ගොඩනැගීමේ කටයුතු අර්බුදයක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නව සන්ධානය ගොඩනැගීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ පහක් පමණ කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පොදු ජන එක්සත් පෙරමුණෙන් පුටුව ලකුණින් නව සන්ධානය ගොඩනැගීම සඳහා එම පක්ෂ ව්‍යවස්ථාව බලතල හා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට ද සන්ධානයේ පක්ෂවල ඉල්ලීම මත සිදු කළ යුතු බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මුලදී නව සන්ධානයේ නායකත්වයට හිටපු ජනාධිපතිනිය කැමැත්ත ප්‍රකාශ කර තිබුණද මේ වන විට ඒ පිළිබඳ ස්ථිර වචනයක් ලබාදී නොමැති බවද නිදහස් පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත්  සඳහන් කර සිට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *