මෙරට මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී සිය නියෝග නොතකා විනය විරෝධී ලෙස හැසිරෙන බව කථානායක මහින්ද යාපා මහතා රටවල් තිස් හතක කතානායකවරුන්ගෙන් සමන්විත එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කතානායකවරුන්ගේ සමුළුවේදී පවසා ඇත.
කෙසේ වෙතත් සිය රටවල පාර්ලිමේන්තුවල තත්ත්වයද එයම බව එම කථානායකවරුන් පැවසූ බව මහින්ද යාපා අබේවර්ධන මහතා කීය.
මේ අතර තමනට විරුද්ධව විපක්ෂය විශ්වාසබන්ග යෝජනාවන්ද ඉදිරිපත් කර ඇතැයිද ඒ මහතා එහිදී පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් එම විදේශ කථානායකවරුන් පැවසුවේ එවැනි අභියෝගයන්ට කතානායකවරුන් ශක්තිමත්ව මුහුද දිය යුතු බව යැයි මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.