රජය විසින් විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් වර්ෂයේ පළමු මාස නවයේදී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5ක් දක්වා සියයට 57.1 කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම වශයෙන් 2022 වර්ෂයේ පළමු මාස නවයේදී රුපියල් බිලියන 13.7 ක මුදලක් උපයාගෙන තිබිණ. ඒ අනුව 2022 වර්ෂයේ පළමු මාස නවයට සාපේක්ෂව 2023 වර්ෂයේ එම කාලසීමාවේදී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5 දක්වා වැඩි වී ඇත.

විගමනික සේවකයන්ට දිරිගැන්වීමක් වශයෙන් විද්‍යුත් වාහන ආනයනය කිරීමට රජය අවසර ලබාදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *