රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වැඩියෙන්ම විදේශගත වූ වෛද්‍යවරුන් වනුයේ නිර්වින්දන හා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තිය සමිති සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා කීය.

එලෙස ගත වූ වසර දෙකේදී විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ ගණන පන්සියයක් පමණ යැයිද හෙතෙම සඳහන් කළේය. මෙරට පවතින ආර්ථිකය හමුවේ ඔවුන්ගේ දරුවන් හට ඉගැන්වීමේ අරමුණින් හා ආර්ථික දුෂ්කරතා මත කලකිරී බොහෝ දෙනෙකු විදේශගත වී ඇතැයි ඒ මහතා කීය.

මෙම තත්ත්වය තුළ දිවයිනේ රෝහල් තුළ වෛද්‍යවරුන්ගේ හිගයක් මතුවී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *