සමාජ සුරක්ෂිතභාවයේ බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට ගබ්සාවන් දහසකට අධික සංඛ්‍යාවක් සිදුවන බව බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සගරාව කළ නවතම අනාවරණයකින් හෙළිව ඇත.

මෙලෙස ගබ්සාවට ලක්වන්නන් අතර පාසල් දරුවන් සරසවි සිසුන් අවිවාහක තරුණියන් මෙන්ම විවාහක කාන්තාවන්ද වන බව එම සමීක්ෂණ වාර්තාවෙන් හෙළිව ඇති බව විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ජී.ජී චමල් සංජීව මහතා සඳහන් කරයි.

මෙරට පවතින සමාජ සුරක්ෂිතභාවයේ අඩු ලුහුඬුකම් හේතුවෙන් ලිංගික අතවරයට ලක් වන ගැහැණු දරුවන්ගේ සංඛ්‍යාවද ඉහළ අගයක් ගෙන ඇති බවද පවසන වෛද්‍යවරයා මෙම තත්ත්වය මත ඒඩ්ස් ඇතුළු විවිධ සමාජ රෝග වලට ගොදුරු වන මෙරට තරුණ ප්‍රජාවගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවද සඳහන් කර සිටී. මේ අතර මෙරට තුළ අඩුබර ගර්භණී කාන්තාවන්ගේ ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇති ලැන්සෙට් සගරාව මානසික ආතතියට ලක්වන කාන්තාවන්ගේ සංඛ්‍යාවද ඉහල අගයක් ගෙන ඇති නිසා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය ද සැලකිය යුතු මට්ටමක පවතින බව අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *