වැටුප් වැඩි කර ගැනීම ඇතුළු එල්ලීම් කීපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය දින හතකට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය ඇමතිවරයා විසින් කළ ලිඛිත ඉල්ලීමකට වෘත්තිය සමිති ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ මහතා පැවසීය.

සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධාන ඒකාබද්ධව සකස් කරන ලද තාක්ෂණික වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ මුදල් අමාත්‍යංශයේ ප්‍රතිචාර ප්‍රමාද වීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. එහෙත් එම සාකච්ඡාවට අදාල තීරණ ගන්නා සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් කටයුතු කිරීම මගින් විසඳුමකට යාමට හැකි බවත්, ඒ සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙස ඇමතිවරයා විසින් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසත් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව කුමදේශ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *