පවතින අධික උෂ්ණාදික කාලගුණ තත්ත්වය හමුවේ පාසල් ක්‍රීඩා උත්සව අප්‍රේල් 24 වැනිදාගෙන් පසු පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ චක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා ඇත.

මේ වන විට පාසල් පළමු වාරය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සව තරඟ ඇතුළු විවිධ එළිමහන් ක්‍රියාකාරකම් පළමු දෙවැනි හා තෙවැනි වාරයේදීම පැවැත්වීමට හැකිවන පරිදි කල් දමන ලෙසත් සිසුන්ගේ සෞඛ්‍ය සහ ජීවිත ආරක්ෂාව උදෙසා විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ සඳහන් වේ.

අමාත්‍යංශ ලේකම්වරිය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය සියලුම විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත. පාසල් ක්‍රීඩා උත්සවයක් පවත්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංකය හෝ හදිසි මෙහෙයුම් මැදිරියේ අංකය අමතා උපදෙස් ලබාගත හැකි බව චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *