දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමුළුවක් ආරම්භ කිරීමට එහි ගොස් සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් එම සමුළුව ආරම්භ කිරීමට සැරසෙන මොහොතේ දී උතුරු කොරියාව විසින් දකුණු කොරියාවේ නැගෙනහිර මුහුදට කෙටි දුර බැලැස්ටික් මිසයිල යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. Sea of Japan යනුවෙන් හැඳින්වෙන මුහුදු සීමාවට මෙම මිසයිලය යොමු කර ඇති බව ඇමෙරිකානු ඒකාබද්ධ කාර්ය මණ්ඩල ප්‍රධානියා පවසා තිබේ.

කෙසේ වුවද මිසයිල ප්‍රහාරයෙන් කිසිදු හානියක් නොමැති අතර එම මිසයිල මුහුදට වැටී ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *