රේගු නිලධාරීන්ගේ අතිකාල සේවා වැඩ වර්ජනය හේතුවෙන් බහලූම් නිෂ්කාශනය ප්‍රමාදවීම නිසා බහාලුම් ප්‍රවාහන රථ රියදුරන්ට ඇතැමුන්ගේ මරණීය තර්ජන වලට මුහුණ දීමට සිදුවී ඇතැයි ද ඇතැම් ලොරි රථවල අමතක කොටස් ගලවාගෙන යන බවද බහලුන් ප්‍රවාහන රියදුරන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි. බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනවල පරීක්‍ෂණ කටයුතු දැඩි ලෙස සීමා වී ඇති බවත් මේ වන විට වරාය තුළින් පිටතට එන ආනයන බහාලුම් සීමා වී ඇති බවත් ඔහු පැවසීය. ඉදිරියේදී රාමසාන් සහ සිංහල දමිළ අළුත් අවුරුදු උත්සව සමයේ බහාළුම් විශාල ප්‍රමාණයක් ආනයනය වන බවත් එම බහාළුම්වල එන භාණ්ඩ ඉක්මනින් ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතු යැයිද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *