ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විදේශ ජාතිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එරට ශිෂ්‍ය වීසා නීතිය දැඩි කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඕස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන ඇත්තේ එරට නිල දත්ත වාර්තා සැලකිල්ලට ගනිමින් බව වාර්තාවේ. නව නීතියට අනුව ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සහ උපාධි අපේක්ෂකයන්ගේ වීසා සඳහා විදේශ සිසු සිසුවියන්ට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමට කටයුතු යොදා ඇති අතර, එම නීතිය උල්ලංඝනය වන අවස්ථාවන්හිදී විදේශ ශිෂ්‍ය වීසා සම්බන්ධව කටයුතු කරන ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවද දැනුම් දී ඇති බව වාර්තාවේ.
ඕස්ට්‍රේලියාවේ රැකියා අපේක්ෂාවෙන් ශිෂ්‍ය වීසා මත එරටට පැමිණෙන විදේශිකයන් අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසු සිසුවියන් බවට තහවුරු කෙරෙන පරීක්ෂණයක්ද හඳුන්වා දීමට එරට රජය පියවර ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.