ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකකතාවට පිවිසීම දුප්පත්කම දුරු කිරීමේ මූලාරම්භයක් සේ සලකා රජයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියබලපිටිය මහතා පැවසීය.

ශ්‍රී ලංකා විසින් ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථකව සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් ප්‍රකාශ කිරීම අපගේ වැඩපිළිවෙළ අනුමත කිරීමක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ආර්ථික අර්බුදයෙන් මිදී ධනාත්මක ආර්ථික සංවර්ධනයක් සඳහා රට යොමු කරන අතර රටේ දුප්පත්කම විරැකියාව දුරු කිරීමට වේගවත් වැඩපිළිවෙක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගනිමින් නිසි වැඩපිළිවෙලක් ඔස්සේ රටේ ජනතාවට ප්‍රතිලාභ අත්වන වැඩසටහන් ක්‍රියාවට නැන්වීමට හැකිවන බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *