ලෝකයේ සාගරවල උණුසුම ඉකුත් වසර මුළුල්ලේම සෑම දිනකම පාහේ ඉහල යමින් සෑම දිනකම නව වාර්තා තබා ඇති බව දත්ත මගින් පෙනී ගොස් ඇත.

ඉකුත් වසරේ මාර්තු මස මැද සිට සාගර මතුපිට උණුසුම වැඩිවෙමින් මෙසේ නව වාර්තා පිහිටුවීම ඇරඹුණු බව ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන සහ මේන් විශ්වවිද්‍යාලයේ කාලගුණ නැවත විශ්ලේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ලෝකයේ ආන්තික කාලගුණ සහ සාගර ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ අධ්‍යයනය යොමු කරමින් එම ආයතන මෙම දත්ත අනාවරණය කර තිබේ.

ඉකුත් 2023 වසරේ සාමාන්‍ය සාගර උණුසුම ඊට පෙර 2022 වසරට වඩා අංශක 0.25 ඉහළ ගොස් ඇති බව NOAA සාගර විද්‍යාඥය ග්‍රෙගරි සී ජොන්සන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *