රාජ්‍ය නැකැත් කැමැටුවේ සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව වෙනුවට ජාතික ජ්‍යොතිෂවේදීන්ගේ සංගමය නැකැත් කමිටුව විකල්ප නැකත් සීට්ටුවක් එළිදැක්වීමට සැලසුම් කර තිබේ.

රාජ්‍ය නැකැත් කමිටුව සකසා ඇති අවුරුදු නැකත් මගින් අහිතකර ප්‍රතිවිපාක ගෙන දෙන බවත් ඒ අනුව රටටම සුබදායී විකල්ප නැකැත් සීට්ටුවක් පිළියෙල කළ බවක් ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයෝ සඳහන් කළහ.

රාජ්‍ය අවුරුදු නැකත් කමිටු සාමාජිකයන් පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවුරුදු නැකත් පිළිබඳ සාවද්‍ය අදහස් පළ කර තිබෙන බවද එම සාමාජිකයෝ පැවසූහ.

රාජ්‍ය නැකැත් කමිටුව පිළියෙල කර ඇති නැකැත් සීට්ටුව මගින් රාජ්‍ය නායකයා ඇතුළු සියලු රටවැසියන්ට යහපතක් සිදුනොවන බවත් මෙම කරුණු ඇතුළුව නව අලුත් අවුරුදු සුභ මූර්ත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට යොදාගෙන තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *