කුවේත් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් එරට රැඳී සිටින සහ සේවා ස්ථානවලින් පලා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට දඩ ගෙවීමකින් සහ නීතිමය බාධාවලින් තොරව එරටින් පිටවී යාම සඳහා කාලයක් කුවේටි හී එමීර් ෂෙයික් මෙෂාල් අල්-අහමඩ්-ජාබල් විසින් ප්‍රකාශයට පත් කර ඇති බව කුවේට් රාජ්‍ය ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාල සුබ්‍රමනියම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම පොදු සමා කාලය ඉකුත් දාහත දින සිට එළඹෙන ජූනි මස 17 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

කුවේට් රාජ්‍ය තුළ දැනට වීසා නොමැතිව නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් දහනමදාස් හයසිය විස්සක් පමණ සිටින බව නිල වාර්තා අනුව තමන්ට සනාථ වී ඇති බවත් ඒ අතරින් මේ වන විට යළි ශ්‍රී ලංකා වෙත පිටත්ව යාම සඳහා ශ්‍රී ලාංකිකයන් පන්දහක පමණ පිරිසක් තම තානාපති කාර්යාලය ලියාපදිංචි වී සිටින බවද ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *