මෙරට කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා අයවැයෙන් වෙන් කළ මුදලට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට දී තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතා කියයි.

මෙරට අයවැයෙන් කෘෂිකාර්මික නව්‍යකරණයට වෙන්කර තිබූ මුදල රුපියල් මිලියන 3000කි. මේ රුපියල් මිලියන 2500ක මුදල සෑම දිස්ත්‍රික්කයකටම රුපියල් මිලියන සීය බැගින් කෘෂි අංශය නවීකරණය සඳහා නව තාක්ෂණය දීමට වෙන්කර ඇත. ඒ අනුව එක් දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක බැගින් තෝරා ගෙන එක් කොට්ඨාසයකට රුපියල් මිලියන 25 බැගින්දීම බැගින් දීම ද මේ යටතේ සිදුකරන බව ඇමතිවරයා අවධාරණය කරයි.

වවුනියා ආරක්‍යාන්කුලම් pashon fruit වගා සැලසුම් මධ්‍යස්ථානය විවෘත කරමින් ඇමැතිවරයා මේ බව අවදාරණය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *