මහ කන්නයෙන් ලද වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ශ්‍රී මහා බොහෝ සමිඳුන්ට පූජා කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 6 වෙනිදා පැවැත්වීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම අලුත් සහල් මංගල්‍යය පැවැත්වේ.

උදාවන සිංහල හා දෙමළ අලුත් ඖෂධ මෙන්ම 2024 යල කන්නේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම මෙම උත්සවයේ අරමුණ වේ. අලුත් සහල් මංගල්‍ය සඳහා ගොවි ජනතාව විසින් පරිත්‍යාග කරන 2023 මහ කන්නේ වී අස්වැන්නේ ලබාගත් අලුත් සහල් භාර ගැනීම මේ දිනවල දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථානවලින් සිදුකෙරේ. එම සහල් භාර ගැනීමේ අවසන් දිනය අද වන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරල් ඒ.එම්.එච්. එල්. අබේරත්න මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *