ආනයනික කිරිපිටි මිල පහත දැමීමට වෙළඳ අමාත්‍යාංශයේ පියවර ගෙන තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 150කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් පහත දමා තිබේ.

ආනයනික කිරිපිටි සමාගම් සමග පසුගිය සතියේ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව මෙසේ මිල පහළ දැමුණු බව වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *