මිල පාලනය කිරීමේ සැලසුමක් වශයෙන් ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අද සිට දිනපතා ප්‍රසිද්ධ කිරීමට රජය තීරණය කර ඇත.

උත්සව සමයේ හිතුමතේ වෙළඳුන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තීරණය කර පාරිභෝගික ජනතාව සූරා කෑමට ලක් කිරීම අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියබලාපිටිය පැවසීය.

මේ අනුව උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා භාණ්ඩ ආනයනය කෙරෙන මිල සහ ඒ සඳහා එකතු කල බදු ප්‍රමාණය දෛනිකව ප්‍රකාශයට පත් කෙරේ. ඒ අනුව අද සිට පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩවල අදාළ මිල ගණන් ප්‍රකාශයට පත් කරන බවද මුදල් රාජ්‍යමදී රංජිත් සියඹලාපිටිය පැවසීය.

රුපියලට සාපේක්ෂව ඩොලර් අගය රුපියල් තුන්සියේ සීමාවට පහළ යාම හේතුවෙන් එම අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමේ අරමුණින් මෙසේ සිදු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ වැඩපිළිවෙළ මගින් වෙළඳුන්ට කිසිදු අසාධාරණයක් නොවන බවද හෙතෙම පැවසීය. එමෙන්ම උත්සව සමය සඳහා හිගයකින් තොරව භාණ්ඩ ලබාදීම සඳහා අත්‍යවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන ඇතැයි ද වැඩිදුරටත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලාපිටිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *